මහින්ද මහත්තයට ආයෙ එන්න බැහැ

ජූලි 25, 2019

    මහින්ද රාජපක්ෂ මහතාට නැවත බලයට පැමිණීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ඌව පළාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු පරාජය 2015 ජනාධිපතිවරණයෙන් ගෙන ආ බවත් පාර්ලිමේන්තු මැතිවරණය ඔස්සේ අගමැති වීමේ සිහිනය තිබුණ ද එය ද අහිමි වු ගිය බව සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දුනී.  ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක දී සිය අදහස් දක්වමිනි.

    මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රබල දේශපාලන අර්බුදයකට පත්ව ඇති බවත් විද්‍යාරත්න මහතා කියා සිටියේය. ඒ අතරම තවත් කිහිපදෙනෙකුම ජනාධිපතිවරයා වීමේ අපේක්ෂාවෙන් සිටින බවත් රටේ පවතින අර්බුදයට වඩා එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය විශාල බවත් සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.

    Latest News