මිලියන 43ක රන් භාණ්ඩ අත්අඩංගුවට

නොවැ 17, 2018

    රුපියල් මිලියන 43ක් වටිනා කිලෝ 7.2ක රන් භාණ්ඩ සමග සිංගප්පූරු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදුකළේ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. අත් පළදනා 229ක්, කර මාල 88ක්, රන් දම්වැල් 175ක්, වළලු 16ක්, පෙන්ඩන් 06ක් මේ අතර වෙයි. සැකකරු ශ්‍රී ලංකා රේගුවට භාරදීමට නියමිතව තිබේ.

    Latest News