ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයන් හී පීඩාවට පත්ව සිටි බහුදින ධීවර යාත්‍රා 20 ක් මාලදිවයිනට

ජූලි 19, 2019

    ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටින ධීවරයින්ට මාලදිවයනට ලඟාවීමට අවසර ලබා දේ.

    බහුදින ධීවර යාත්‍රා 20 ක් මෙලස අයහපත් කාලගුණයට මැදිව මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමන්ව සිටින බවට තොරතුරු වාර්තා විය.

    එම යාත්‍රා 20 න් 14 ක් හලාවත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති අතර, තවත් බහුදින ධිවර යාත්‍රා 06 ක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති බව ධීවර කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව අතරමන්ව සිටින බව සැලවීමත් සමගම වහාම එම ධීවරයින් ආරක්‍ෂිත ප්‍රදේශයකට යොමුකරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධීවර දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් අනුව එම ධීවරයින්ට මාලදිවයනට ලඟාවීමට අවශ්‍ය අවසරය ලබාදීමට හැකියාව ලැබී ඇත.

    ඊට අමතරව ඉන්දියාවෙන් ද එවැනි අවසරයක් ලබා ගැනීමට කටයුතු කෙරිණ.

    ඒ අනුව නැවත දැනුම් දෙන තුරු බස්නාහිර, දකුණ, නිරිත දිග සහ වයඹ මුහුදු ප්‍රදේශවල සිට කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතු සඳහා මුහුදු යාමට අවසර නොදීමට තීරණය කර තිබේ.

    මේ පිළිබඳව සියළු ධීවර වරායන් සහ සහකාර ධීවර අධ්‍යක්‍ෂවරුන් දැනුවත් කිරීමට ද මේ වනවිටත් පියවර ගෙන ඇත.

    Latest News