මහේස්ත්‍රාත් තිළිණ ගමගේට අධි චෝදනා යටතේ මහාධිකරණයේ නඩුවක්

ජූලි 19, 2019

    නිසි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.

    නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක වන ප්‍රියන්කා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු වශයෙන් පෙනී සිටි චන්ද්‍රරත්න බණ්ඩාර යටවර යන අය නම් කර ඇත.

    ව්‍යාජ ලෙස සකස් කළ බලපත්‍රයක් උපයෝගී කරගෙන "සකුරා" නැමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අධිචෝදනා 25 ක් යටතේ නීතිපති විසින් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර කෙරිණ.

    මෙම නඩුවට පාදක "සකුරා" නැමැති ඇත් පැටවාගේ තක්සේරු වටිනාකම රුපියල් හැටනම ලක්ෂ හැත්තදහසක් ලෙස ගනන් බලා ඇතැයි නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    Latest News