මාස කිහිපයක සිට තම අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස, පැවති ආණ්ඩුවට බල කරමින් විරෝධතාවල ද නිතර විය. ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිතිය හරහා අර්තාපල් මිල දී ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කෙරුණි.
අර්තාපල් කිලෝවක් මිල දී ගැනුණේ, රුපියල් 92කටයි. මුලික් මිල දී ගත් අර්තාපල් සඳහා දින කිහිපයක් තුළ ගොවීන්ට මුදල් ලබා දුන්න ද, ඉන් පසුව මිල දී ගත් අර්තාපල්වලට මෙතෙක් මුදල් ලබා දී නොමැති බවයි, ගොවීන් කියා සිටියේ. අර්තාපල් මිල දී ගැනීමට ආරම්භ කර සති තුකට පමණ පසුව මෙසේ මුදල් ගෙවීම අත්හිටුවනු ලැබූ බව ඔවුන් සඳහන් කරයි.
මිලදී ගත් අර්තාපල් සඳහා රුපියල් කෝටි 8ක පමණ මුදලක් තමන්ට ලැබිය යුතු බවයි, ගොවීන් පවසන්නේ.