ඇවන්ගාඩ් අවි ගබඩා සිද්ධිය: පොලිස් කොමිසමේ ලේකම්ට අපේක්ෂිත ඇප නොලැබේ

ජූලි 17, 2019

    ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධියට අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඩී. එම්. සමන්සිරි දිසානායක මහතා ගොනු කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග නිකුත් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත සලකා බැලීමට තම අධිකරණයට බලයක් නැතැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙන්වා දුනී.

    සිද්ධියට අදාළ වරද සම්බන්ධයෙන් වග උත්තරකාර පාරිශ්වයට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ඔහු කියා සිටියේය. ඒ අනුව ගිනි අවි ආඥාපනත යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඇප ලබා දීමට තම අධිකරණයට බලයක් නැති බව මහේස්ත්‍රාත්වරයා තවදුරටත් අවධාරනය කළේය.

    ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතාගේ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ නොමැති මහේස්ත්‍රාත්වරයා පෙන්වාදුනී. එ බැවින් ඇප දීමට බලයක් නැති බවත්, ගිණි අවි ලග තබා ගැනීම, ආධාර අනුබල දීම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදිය යුතු වරදක් බව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙන්වා දෙමින් අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කෙරිණ.

    ඩී. එම්. සමන්සිරි දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස මීට පෙර කටයුතු කර තිබේ.

    Latest News