සමනලවැවේ ජල මට්ටම පහළට: විදුලිය නිෂ්පාදනයට දුෂ්කරතා

ජූලි 14, 2019

    බළන්ගොඩ සමනලවැව ජලාශයේ ජල මට්ටම පහල බැස තිබේ. ප‍්‍රදේශයේ පවතින දැඩි නියඟයත් ජල මට්ටම මීටර් 431ක් වශයෙන් එහි ජලමාපකයේ සටහන්වේ.

    ජලාශයේ ජල මට්ටම මීටර් 424ට වඩා අඩු වුවහොත් විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකි බව එහි භාරකාර කාර්ය මණ්ඩලය පවසයි.

    ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහල බැසීමත් සමඟ ජලාශයට යටවී තිබුණු ගම්මාන සහ විහාරස්ථාන මතු වී ඇතැයි අප වාර්තාකරු පවසයි. චිංචිගුණේ ගම්මානයේ පුරාණ විහාරස්ථානයේ දාගැබ මතු වී තිබේ.

    සමනලවැව ජලාශයේ ඉහළ ජල පෝෂක ප‍්‍රදේශ ගිනි තැබීම්, ගස්කැපීම් හා රක්‍ෂිතයේ වෙනත් වගාවන් කිරිම වැනි හේතුන් වාර්ෂාව අඩුවිමට බලපා ඇතැයි ඉඹුල්පේ ප්‍රදේශීය සභාවේ සභාපති ශී‍්‍රලාල් සෙනරත් මහතා පවසයි. මිනිස් කි‍්‍රයාකාරකම් නිසා විනාශ කර තිබෙන ඉහළ ජල පෝෂිත ප‍්‍රදේශවල කුඹුක් වගාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ඔහු පෙන්වා දුනී.

    Latest News