ඇමති සජිත්ගේ චින්තනය ගෙන යාමට ජලනි වේදිකාවට නගී (වීඩියෝ)

ජූලි 13, 2019

    ඉදිරි ජනාධිපතිවරණය තිරාණාත්මක බවත්, එම මැතිවරණයේදි රාජපක්ෂ පවුල කර ගහගෙන යාමට මේ රටේ ජනතාව කිසිසේත් කටයුතු නොකරන බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පවසයි.

    ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය ජලනි ප්‍රේමාදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (13) හැටන් ඩි. කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්වුණා.

    ඩි. කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි ජලනි ප්‍රේමදාස මහත්මියව වතුකරයේ තරුණියන් විසින් උණුසුම් ලෙස පිලිගනු ලැබුණ.

    වතු ක්‍ෂෙත්‍රයේ කාන්තාවන්ගේ ජිවන තත්ත්ව, අදායම් තත්ත්වය, වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ අධ්‍යාපන තත්ත්වය පිලිබදව විග්‍රාහයක නිරතවිණ.

    සම්ප්‍රදායික දේශාපලන පක්ෂ වල නායකයන්ගෙන් මිදි පොදු ජනතාවගේ දුක හදුනන පොදු ජනතාව ඉල්ලන පොදු ජන නායකයෙකු මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කල යුතු බව චමිර පෙරේරා මහාතා මෙහිදි කියා සිටියේය.

    රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින් තමන්ද මේ රටේ පොදු ජනතාවට වැඩ කිරිමට කැපවි කටයුතු කරන බව ජලනි ප්‍රේමදාස මහත්මිය කියා පැවසුවේය.

    වතුකම්කරු කාන්තාවන් ඉදිරිපත් කල ගැටළු සම්බන්ධයෙන් හැකිතාක් දුරට කඩිනම් විසදුම් ලබා දිමට කටයුතු කරන බව ඇය පැවසුවාය.

    jalanipremadasa1 px 900 19

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 19:18

    Latest News