හසලක ගාමිණි කුලරත්න රණවිරුවාගේ ගුණ සැමරේ

ජූලි 11, 2019

    දුරකතන කෙටි පණිවුඩ මගින් අසත්‍ය ප්‍රචාර සිදුකර, ජනතාව බිය වැද්දවීමට යම් පිරිසක් උත්සාහ දරන බව, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්. උත්සවය පැවැත්වුණේ, රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ හසලක ගාමිණි හෙවත් කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවා සිහි කිරීම සඳහායි. ඔහුගේ 28 වැනි ගුණ සැමරුම අදට යෙදී තිබේ. සැමරුම් උත්සවය පැවැත්වුණේ කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට අමාත්‍ය ජේන් අමරතුංග මහතා ඇතුළු පිරිසක් එක්වූහ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා...

    “මටත් දැන් මගේ දුරකතනයට මැසේජ් එකක් ආවා. බොරු ප්‍රචාර ගෙනියනවා අයිඑස්අයිඑස් විසින් ප්‍රහාර එල්ල කරනවා කියලා. ඒක අමූලික බොරුවක්. මේ වගේ බොරු ප්‍රචාර කරගෙන රටේ ජනතාව කුපිත කරන්න, බය ගැන්වීමක් කරනවා සමහර කට්ටියක් ඇත්තෙන්ම. රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා මේවා ගැන කලබල වෙන්න එපා. අද ආරක්‍ෂක තත්වය ඉතාමත් හොඳට අපේ ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් ඒ වගේම අපේ බුද්ධි අංශ හොඳට පාලනය කරගෙන යනවා“ යැයි රුවන් විජේවර්ධන මහතා පැවසීය.

    Latest News