ඒ අනුව, උතුරු මැද සහ වයඹ නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව උප්පුකුලම් ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක් පිටුපස ඉඩමෙහි වළ දමා තිබූ මිමි 7.62 x 39 ප්රමාණයේ පතරොම් 14 ක් සොයාගෙන තිබේ. නිවසේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 71, 62 සහ 29 වියෙහි පසුවන පුද්ගලයින් තිදෙනෙකු ද ඒ සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් සහ පතරොම් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.