අකුරැස්සෙ, වෙඩි තැබූ සෙබළා, බූස්ස බලසේනාධිපති භාරයට

ජූලි 05, 2019

    අක්මීමන, මානවිල ප්‍රදේශයේ උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඊයේ සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් එහි රාජකාරි කළ හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන අද (05) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් පසු, බූස්ස 581 වන බලසේනා මූලස්ථානාධිපති වෙත බාර කරන ලදි.

    මේ සම්බන්ධව හදිසි අවස්ථා රෙගුලාසි අනුව ක්‍රියා කරන බැවින්, නීතිපති උපදෙස් ලැබෙන තෙක් මෙසේ රඳවා තැබීමට ක්‍රියා කර ඇත. වහාම නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස අක්මීමන පොලිසියට අධිකරණය විසින් උපදෙස් ලබාදී ඇත. මේ සම්බන්ධව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන සිදුකරනු ලබයි.

    Last modified on සදුදා, 08 ජූලි 2019 11:01

    Latest News