අත්සන් තැබූ ලේඛනය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ සඳහා මන්ත්‍රීවරුන් 122කගේ නම් ඇතුළත් වේ. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා ද විශ්වාස භංගයට පක්ෂව අත්සන් තබා ඇත.
අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද එක්සත් ජාතික පක්ෂයට නැවත එක්ව ඇති අතර ඔහු ද විශ්වාස භංගයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.