හි. ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අධිකරණයට ඉදිරිපත් කරන්න; නීතිපතිගෙන් නියෝග

ජූලි 01, 2019

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යළි උපදෙස් දී තිබේ.

    නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගිය 27 වැනිදා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ලද විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව හා අවසන් වාර්තාව සැලකිල්ලට ගෙන එම උපදෙස් ලබාදී තිබේ. එහෙත් මේ වනතෙක් ඒ උපදෙස් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම බරපතල කරුණක් වශයෙන් සලකන බව නීතිපතිවරයා අද දින වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ. එබැවින් පසුගිය 27 වැනි දින යොමු කළ ලිපියේ උපදෙස් අනුව මේ දක්වා කටයුතු නොකිරීමට හා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වූ හේතු ලිඛිතවම අද දිනයේ ම තමන්ට යොමු කරන ලෙස ඉන් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

    Last modified on සදුදා, 01 ජූලි 2019 19:20

    Latest News