ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ යථා තත්වයට

ජූනි 30, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තත්වය යථා තත්වයට පත් වෙමින් ඇති බව, අන්තර් ජාතික මූල්‍ය අරමුදල පවසයි.

    එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂිකා චමිලා ඇන්ඩර්සන් කියා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව සුදුසු ආර්ථික ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බවයි. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහකාර අධ්‍යක්‍ෂිකාව මේ බව කියා සිටියේ, වොෂිංටන් නුවර මාධ්‍ය හමුවකදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

    ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර ආර්ථික තත්වයන්ට අනුව මූල්‍ය දර්ශකයන් ගැලපිය යුතු බව, අන්තර් ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඉකුත් මැයි මාසයේ දී එහි විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ණය යෝජනාවලිය පිළිබඳව 05 වැනි සමාලෝචනය අවසන් කළ බව ද ඇය ප්‍රකාශ කළාය. ඩොලර් බිලියන 1.5ක ණය යෝජනා යටතේ, මේ දක්වා එම අරමුදල ශ්‍රී ලංකාවට නිදහස් කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 164ක්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීමට 2020 දක්වා වැඩසටහන් දීර්ඝ කිරීමේ එකඟතාවයට ද අන්තර් ජාතික මූල්‍ය අරමුදල එකඟ වී තිබේ.

    Last modified on ඉරිදා, 30 ජූනි 2019 20:35

    Latest News