හම්බන්තොට නව මහ රෝහල හෙට ජනතා අයිතියට

ජූනි 30, 2019

    හම්බන්තොට ඉදිකරන ලද අංග සම්පූර්ණ නව රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් හෙට(01) පස්වරු 2.00 ට විවෘත කිරිමට කටයුතු යොදා ඇත.

    නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 46.8 ක් වැය කරමින් මෙම නව රෝහල ඉදිකර ඇත. ඇඳන් 850 කින් යුක්ත මෙම රෝහලේ නවීන වෛද්‍ය උපකරණ සවිකර ඇත. ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙද හෙදියන් සදහා නව නිල නිවාස ද ඇතුලත් වෙයි.

    මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2012 වසරේ ජුලි මාසයේ දීය. හම්බන්තොට නව රෝහල ඉදිකිරීමෙන් පසු පැවැති ඇතැම් ගැටලු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත විසදීමෙන් පසු නව රෝහල විවෘත කිරීමට තීරණය විය. හම්බන්තොට දැනට පවතින මහ රෝහල් භූමියේ සායන කිහිපයක් පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

    Latest News