UNP මන්ත්‍රී හේෂාට සහ පාලිතට වරෙන්තු

ජූනි 28, 2019

    විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහර දීමක් සම්බන්ධ සිද්ධියට අධිකරණයේ පෙනී නොසිටි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට අද අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරිණ.

    මෙම නඩුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ විභාගයට ගැනිණ.

    ඒ අනුව අද අධිකරණයට නොපැමිණී විත්තිකරුවන්ට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසටද නියෝග කළේය. පැමිණිල්ල නැවත අගෝස්තු 8 වනදා නැවත කැඳවීමට නියමිතයි. කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරිය ඉදිරිපිටදී පසුගිය වසරේ නොවැම්බර් පළමු වනදා මෙම පහරදීම සිදුවු බවට පැමිණිල්ලේ සඳහන්වේ

    Latest News