මිල්හාන්ගේ තොරතුරකට ඩෙටනේටර් ඇතුළු උපකරණ සොයා ගැනේ

ජූනි 27, 2019

    අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජෙඩා නුවරදී අත් අඩංගුවට ගත් හයාදු මොහොම්මදු අහමඩ් මිල්හාන්ගෙන් ලද තොරතුරු අනුව කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ සඟවා තිබූ ඩෙටනේටර් 1000ක්, ජෙලෙග්නයිට් කූරු 300ක් සහ උණ්ඩ සොයා ගැනේ.

    මෙම ප්‍රදේශයට ත්‍රස්තවාදී සැකකරු ද රැගෙන ගොස් වළ දමා තිබූ මෙම ද්‍රව්‍ය ගොඩගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම ද්‍රව්‍ය පාළු කැලෑබඳ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක වළ දමා තිබී ඇත.

    deterneterpolice px 900 19

    Last modified on සිකුරාදා, 28 ජූනි 2019 14:41

    Latest News