වත්කම් හා බැරකම් නොදුන් මන්ත්‍රී අනාරවණයක්

ජූනි 27, 2019

    ජනතාවගේ දැනගැනීම පිණිස වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධියට පත් කරන ලෙස “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා“ ආයතනය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.

    2018-2019 මූල්‍ය වර්ෂය සඳහා මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රකාශ ගොනු කිරීමේ අවසන් දිනය ලබන 30 වැනිදා. වඩාත් විවෘත හා ජනතාවට වගවන ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපනය කිරීමේ පියවරක් ලෙස මන්ත්‍රීවරුන් තම වත්කම් හෙළි කළ යුතු බවට, “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා“ ආයතනය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. දැනට වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කර ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සත් දෙනෙක්. ඒ, තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ සුමන්දිරන්, විදුර වික්‍රමනායක, ඉරාන් වික්‍රමරත්න, රංජන් රාමනායක සහ අලි සහීර් මවුලානා යන මන්ත්‍රීවරුන්'

    “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා“ ආයතනයේ නීතිඥ සන්ඛීතා ගුණරත්න .....

    “ජනතාව අතර අපි දන්නවා බොහෝ අවස්ථාවල චෝදනා තියෙනවා. දේශපාලඥයන් අයුතු ලෙස ධනය ඒකරාශි කරනවා කියලා. ඒ චෝදනාව සත්‍ය ද, අසත්‍ය ද, කියලා බලාගන්න අවස්ථාවක් තමයි මේ වත්කම්, බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් කෙරෙන්නේ. ඡන්ද දායකයින්ට සත්‍ය මත පදනම් වූ තීරණයක් ගන්න අවස්ථාවක් ලැබෙනවා මේකට තව සතියක කාලයක් බොහොම කෙටි කාලයක් තමයි තියෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 20:42

    Latest News