ගුරුපොකුණ වරායේ ගින්නකින් බෝට්ටු 20ක් අළුවෙයි

ජූනි 26, 2019

    තංගල්ල,හුංගම,ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ රාත්‍රී 11.50ට පමණ ඇතිවූ ගින්නකින්, එහි නවතා තිබූ ධීවර බෝට්ටු 20ක් මුළුමනින්ම විනාශයට පත්ව තිබේ.

    ගින්නෙන් ධීවර ආම්පන්න හා ධීවර වාඩි රැසක් ද විනාශයට පත්ව තිබේ. ගින්නෙන් ධීවර ආම්පන්න හා ධීවර වාඩි රැසක් ද විනාශයට පත්විය. ධීවර වරායේ වාඩියකට ගිනි ඇවිලි ඇති බවට, ලැබුණු තොරතුරකට අනූව එහි පැමිණි ධීවරයන් කිහිප දෙනෙකු ගින්න පැතිරෙමින් පැවතීම හේතුවෙන් හුංගම පොලීසිය දැනුවත් කර තිබේ.

    අනතුරුව, එහි පැමිණි හුංගම පොලීසියේ,තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය හා නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිව ගින්න මැඩපැවැත්විණ. ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති බවයි, හුංගම පොලීසිය පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Kalamatiya Fire 2

    Kalamatiya Fire 3

    Kalamatiya Fire 5

    Kalamatiya Fire 6

    Kalamatiya Fire 7

    Kalamatiya Fire 9

    Kalamatiya Fire 10

    2

    3

    4

    Last modified on බදාදා, 26 ජූනි 2019 09:12

    Latest News