අගමැතිගෙන් භික්ෂූන් වහන්සේලාටත් රක්ෂණයක්

ජූනි 25, 2019

    භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පස්වරු 3.30ට අරලියගහ මන්දිරයේ දී ආරම්භ කෙරේ.

    රට පුරා දිස්ත්‍රික්ක 25 තුළම වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීම මෙම වැඩසටහනට සමඟාමීව සිදු කෙරෙන බව කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඤාණාලෝක හිමියෝ පැවසූහ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බුද්ධශාසන අමාත්‍යාංශය මෙම කටයුතු සිදුකරයි. මෙම වැඩසටහන සංකේතාත්මකව 26 වැනි දින 2000ක් භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණාවරණ පිරිනමන බව ද ඉන්පසු දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කරන බවද  අඹන්වල ඤාණාලෝක හිමියන් ප්‍රකාශ කරයි.

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 07:42

    Latest News