හිංසාකාරීව ගවයන් ප්‍රවාහන සැකකරුවන්ට මාංචු

ජූනි 20, 2019

    පොළොන්නරුව ගිරිතලේ  සිට දඹුල්ල,  නිකවටවන ප්‍රදේශයේ මස් කඩයකට කිරි දෙනුන් සහ වස්සන් පස්දෙනෙකු ලොරි රථයක පටවාගෙන හොර රහසේ රැගෙන එමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදුකළේ  දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින්. සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණු  කුඩා ලොරි රථයේ  එළදෙනුන් සහ පිරිමි සතුන් පස්දෙනෙකු ඉතා අමානුෂික ආකාරයෙන් නිදි කරවා රැහැන්වලින් බැද  රැගෙනවිත් තිබූ බව පොලිසිය කියයි.

    ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ කැලෑබද මාර්ග ඔස්සේ කාලයක් තිස්සේ මෙම ගවයන් ප්‍රවාහනය කිරීම මොවුන් විසින් සිදු කර තිබෙන බවය.  ‍ප්‍රවාහනය කිරීමට කිසිදු බලපත්‍රයක් නොමැති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. සැකකරුවන් සහ බේරාගත් ගවයන් පස් දෙනවා ලොරි රථය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සීගිරිය පොලීසිය සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 16:46

    Latest News