වෘත්තිය සමිති දුම්රිය වර්ජනය අතහරී

ජූනි 19, 2019

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය, තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

    ඒ, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ දුම්රිය වෘත්තීය සමිති අතර අද (19) පැවති සාකච්ජාවකින් අනතුරුවයි. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබිණ. දුම්රිය වෘත්තීය සමිති ගැටලුවලට, මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ජා කර කඩිනම් විසඳුම් ලබාදෙන බවටයි ප්‍රවාහන අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී ඇත්තේ. ඒ අනුව, දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර සාකච්ජාවක් හෙට (20) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.

    Latest News