සංචාරක කර්මාන්ත සහන පැකේජය තවදුරටත්

ජූනි 19, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලබාදුන් සහන පැකේජය තවදුරටත් පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව, සංචාරක ක්‍ෂේත්‍රය සඳහා හඳුන්වා දුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදීම සහ ඒ සඳහා වන ණය සුරැකුම් අරමුදලේ ආවරණ පුළුල් කිරීමට ක්‍රියා කෙරේ. ඊට අමතරව, මගී බස් රථ හිමියන්ට මේ මස 30 දක්වා මාස 2ක ණය සහන කාලයක් ලබාදීම, සංගීත කණ්ඩායම් සඳහා ද කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබේ. එමෙන්ම, සංචාරක ක්‍ෂේත්‍රය සම්බන්ධ කුඩා පරිමාණයේ අවිධිමත් අංශවලට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්‍රියාත්මක කරන “සංචාරක පොඩ්ඩෝ“ සහන ණය යෝජනා ක්‍රමය ඇතුළු සහන මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියි හිමිවිය.

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:32

    Latest News