තිරසාර සංවර්ධනයකට මාර්ගෝපදේශන සැලැස්මක් (වීඩියෝ)

ජූනි 19, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුව, තිරසර මූල්‍ය ක්‍රමයක් සඳහා වන මාර්ගෝපදේශන සැලැස්ම අද එළිදැක්විය.

    මෙවැනි සැලැස්මක් එළිදැක්වූ ලොව දෙවැනි රට ශ්‍රී ලංකාවයි. මේ වසරේ අප්‍රේල් 10 වැනිදා තිරසර මූල්‍ය ක්‍රමයක් සඳහා වන ගෝලීය මාර්ගෝපදේශන වැඩසටහන එළිදක්වනු ලැබීය. ඒ, වොෂින්ටනයේ පැවති අන්තර් ජාතික මූල්‍ය සංස්ථාපිත සැසිවාරයේ දී. ශ්‍රී ලකාවේ සැලැස්ම සැකසීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හා අන්තර් ජාතික මූල්‍ය ආයතනවල දායකත්වය ලැබී තිබේ. එය අද උදේ කොළඹ මහ බැංකුවේ පැවති උත්සවයකදී එළිදක්වනු ලැබීය.

    පරිසර හිතකාමී මෙන්ම, දේශගුණික වෙනස්වීම් පිටුදැකීමේ ක්‍රමවේද සැලකිල්ලට ගනිමින් මූල්‍ය රෙගුලාසි හා ආයතනික සැලසුම් සැකසීම මේ වැඩපිළිවෙළේ මූලික අපේක්‍ෂාවයි. ව්‍යාපාර හා කර්මාන්ත වඩාත් පරිසර හිතකාමි මුහුණුවරකට පරිවර්තනය කිරීම සඳහා විශේෂඥ සහය ලබාදීමට අපේක්‍ෂිතයි. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එහි විශේෂත්වය පිළිබඳව අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා....

    “ශ්‍රී ලංකා මහ බැංකුව තිරසර සංවර්ධන සංකල්පය කෙරෙහි විශේෂ වැදගත්කමක් ලබාදී තිබෙනවා. එය සැලකෙන්නේ මූල්‍ය අංශයේ ප්‍රධාන ප්‍රතිපත්තිවලින් එකක් ලෙසයි. තිරසර මූල්‍ය කටයුතු පිලිබඳ මාර්ග සිතියම හඳුන්වා දීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි. මෙයින් අපි බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනය රටේ මූල්‍ය පද්ධතිය තුල තහවුරු කිරීමයි. එමෙන්ම, පාරිසරික සමතුලිතතාව, දේශගුණික විපර්යාස හා එහි බලපෑම පිළිබඳවත් අපි විශේෂ අවධානයකින් පසුවනවා“ යැයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසිය.

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:36

    Latest News