ජනපතිවරණයට සුදානම්: UNP සිරිකොත විත්ති (වීඩියෝ)

ජූනි 19, 2019

    එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද උදේ පැවැත්විණ. ඒ පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මෙහිදී පක්‍ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ. අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත.

    එහිදී අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා....

    “ප්‍රතිපත්ති සහ සංවිධාන කටයුතු පිළිබඳවත්, රජයේ කටයුතු කාර්යක්‍ෂමව කරගෙන යාම පිළිබඳවත්, ඒ වගේම පක්‍ෂයේ ප්‍රතිසංව්ධාන පිළිබඳවත් තමයි කතා කළේ“ යැයි අමාත්‍යවරයා පැවසිය.

    රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා...

    “ඉදිරි මැතිවරණයක් එන නිසා කරගෙන යන සංවර්ධන කටයුතු ඉක්මන් කරන්න කියන එකත්, ඒකාබද්ධ පක්‍ෂයක් නිර්මාණය කරන එක ගැනත්, සාකච්ජා කළා“ යැයි රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:00

    Latest News