කල්ඉකුත්වූ ළමා සනීපාරක්ෂක ඇඟලුම් වෙළඳපොළට දැමූ නමගිය ආයතනයක් වටලයි (වීඩියෝ)

ජූනි 18, 2019

    ළමා සනීපාරක්ෂක තුවා කල් ඉකුත්වීමෙන් පසු නැවත ඇසුරුම්කොට වෙළෙඳපොළට නිකුත් කරන මධ්‍යස්ථානයක් පාරිභෝගික අධිකාරිය විසින් වටලා තිබේ. මෙම ස්ථානය කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙරටට ගෙන්වා අළෙවිකරන ප්‍රමුඛ පෙළේ නියෝජිත ආයතනයක් ලෙස සැලකේ.

    පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනූව මෙම වැටලීම සිදුකර ඇත. 2016,17 හා 18 යන වසර වල දී කල්ඉකුත්වීමෙන් පසු 2021 දක්වා වෙනත් කල් ඉකුත්වීමේ දිනයක් සටහන්කර නැවත අසුරා මෙම ළමා සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුවේ. මෙසේ කල් ඉකුත්වීමෙන් පසු වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ ප්‍රමාණය රුපියල් කෝටියකට අධික බව පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරී සුරංග ප්‍රසාද් මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 20:17

    Latest News