කිරිමණ්ඩල මාවතේ ඇළක බුදුපිලිම 8ක්

ජූනි 15, 2019

    නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ඇළ මාර්ගයක තිබී බුදු පිළිම 8ක් සොයාගෙන තිබේ.

    අද (15) උදෑසන ඇළ මාර්ගය පිලිසකර කරමින් සිටි සේවක පිරිසකට මෙම බුදුපිලිම හමු වී ඇත. ඒ අනුව ඔවුන් නාරාහේන්පිට පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම බුදුපිලිම පොලිසිය භාරයට ගෙන තිබේ.

    ඊයේ මේ ස්ථානයේ තමන් පිලිසකර කිරීම් කළ ස්ථානය නිසා ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු මෙම බුදුපිලිම ගෙනැවිත් දමන්නට ඇතැයි සැක කරන බව එම සේවකයෝ පවසති.

    මේ සිදුවීම පිළිබඳ නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News