දයා ගමගේ - “එදා මහින්ද බෑ කිව්ව දේ“ අපි කෙරුවා

ජූනි 15, 2019

    එකිනෙකාට චෝදනා කිරීම නවතා සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතු බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    රත්නපුර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය.

    අමාත්‍ය දයා ගමගේ "එදා සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරනවා කිවුවහම මහින්ද රාජපක්ෂ කිවුවා "මට බොරු කියන්න බෑ. මම රුපියල් 2000කින් වැඩි කරන්නම්" කියලා. එතුමා ජනාධිපති වුණාට පස්සේ ඒ රුපියල් 2000වත් වැඩි කළේ නෑ. හැබැයි අපි පඩි වැඩි කළා.

    අපේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන්, පාරවල් නඩත්තු කරන්න අලුතින් සංවර්ධනය කරන්න මේ හැමදේටම අපි ණය ගන්න ඕනෙ. දැන් අපි මහින්දලාට බැනලා වැඩක් නෑ අපි ඔක්කොම මේ වගකීම අතට ගන්න ඕනෙ. අපි රටේ නිෂ්පාදනය වැඩි නොකළොත් මේ ණය උගුලෙන් ගැලවෙන්න විදිහක් නෑ."

    Latest News