තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක තහනම ඉවත් කරයි

ජූනි 14, 2019

    පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    සංවිට්සර්ලන්තය, ජර්මනිය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල් සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

    අද වනවිට රටේ පවතින යහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙලෙස සංචාරයට කිසිඳු බාධාවක් නොමැති බවත් සංචාරයට හිතකර වාතාවරණයක් පවතින බවත් සඳහන් කරමින් එම තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    'ලෝන්ලි ප්ලැනට්' සඟරාවේ නවතම වාර්තාවට අනුව 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්වූ අතර මේ තත්ත්වය යළි අත්කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව දැනටමත් සැලසුම් සකස් කර තිබේ.

    Latest News