ලංගම බස් රථ අද සිට නැවතත්

ජූනි 14, 2019

    ශ්‍රී ලංගම සියලූ බස් රථ අද සිට යළිත් සාමාන්‍ය පරිදි ධාවනය වන බව වෘත්තීය සමිති සඳහන් කර සිටී.

    ඉල්ලීම් කිහිපයක් මූලික කර ගනිමින් ශ්‍රී ලංගමයේ සේවකයින් ඉකුත් දින කිහිපයේ වැඩවර්ජනයක නිරත විය.

    අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා සහ ප‍්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ නියොජිතයින් සමග ඊයේ (13) පැවැති සාකච්ඡා වලින් පසු ඔවුන් එම වැඩවර්ජනය අවසන් කර ඇති බව පැවසේ.

    ලබා දී ඇති උසස්වීම් වලට අදාළව වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වැඩවර්ජනය දියත් කෙරිණ.

    ඊයේ පැවැති සාකච්ඡාවේදි ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණු බවයි වැඩවර්ජනය කැඳවා තිබූ වෘත්තීය සමිති  කියා සිටියේ.

    Latest News