රජයට විශ්වාසය පලකරමින් සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට ජපන් සහය (වීඩියෝ)

ජූනි 12, 2019

    ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය අද ප්‍රකාශ කළා.

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමු වී තිබීම ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත ක්‍රියා රටට කාන්දු වීම වළක්වාලීමේ වැදගත් පියවරක් වනු ඇති බව ඇය අවධාරනය කෙරිනි.  ඇය මේ බව කියා සිටියේ අද (12)  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අවස්තාවේදිය. අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ අබේ මහත්මිය අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ද පැවැත්විණ.

    ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ලබා දෙන සහය සම්බන්ධව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේය. ඉන්දියාව, මාලදිවයින හා ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ප්‍රතිත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

    ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සඳහාම ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා, තානාපති කාර්ය මණ්ඩල නිලධාරී ටකේෂි ඔසාකි මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වන ටකහිරෝ ෂියෝටා, ටෙට්සුඕ කිටාඩා යන මහත්වරුන් සහභාගි වූහ.

     

    Last modified on බදාදා, 12 ජූනි 2019 23:09

    Latest News