වෛද්‍ය රුක්ෂාන්: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ ගරුත්වයට කැළලක් (වීඩියෝ)

ජූනි 12, 2019

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වයට කැළලක් ඇතිවන ආකාරයෙන් ක්‍රියාකරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

    කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා....

    “හොඳින් කටයුතු කරලා තම ඉල්ලීම් දිනාගන්න බැරි තත්වයක් තමයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තියෙන්නේ. කවුරු ඇමති වුණත් විරසක. දැන් මේ රාජිත සේනාරත්න කියන ඇමතිවරයා පත්වෙච්ච දා සිට මේ වෙද්දි අපි සතුටු වෙන්න පුලුවන් කාරණා විශාල ගණනක් තියෙනවා. සමහර විට ඔහු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හැටියට කරන ප්‍රකාශවල, නමුත් අපට ඒවා අදාළ නැහැ.

    අපිට වැදගත් ඔහු සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මොනවද කරන්නේ කියලා වෛද්‍යවරු. නමුත් එතුමාගේ දේශපාලනය අල්ලලා සමහර සංගම් දැන් ව්‍යාපාර කටයුතු සිද්ධ කරනවා. එක එක වෘත්තීය සමිති. දැන් මේ පහුගිය වසර කිහිපයක් ඇතුළත ඒගොල්ලෝ ඇවිල්ලා මේ රටේ දේශපාලන ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. 20 වැනි සංශෝධනය කියයි, සයිටම් කියයි, සිංගප්පුරු ගිවිසුම කියයි, දැන් මොකක්ද මේ. අපේ වෛද්‍යවරුන්ගේ මේ වෘත්තීය ගරුත්වය කෙළසන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා“ යැයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

    Last modified on බදාදා, 12 ජූනි 2019 23:08

    Latest News