මාධ්‍ය වෛරී ප්‍රකාශයන් ගැන යුරෝපා සංගමයේ තානාපතිවරුන් කනස්සල්ලෙන්

ජූනි 12, 2019

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරුන්ගේ හමුවක් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකාව හමුවේ ඇති ත්‍රස්ත තර්ජනය සහ ම්ලේච්ඡ අන්තවාදය මැඩපැවැත්වීම වෙනුවෙන් ඔවුන් සහාය පළ කළේය. ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ඒ සඳහා අරමුදල් ලබාදීමට කටයුතු කරන බව පැවසූහ.

    මාධ්‍යවල පළවූ වෛරී ප්‍රකාශයන් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එවන් මාධ්‍ය වාර්තා මගින් තත්ත්වය තවත් උග්‍ර අතට පත්වන බවයි. අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ඔවුන් කණගාටුව පළ කර සිටියේය. තානාපතිවරු, එම අමාත්‍යවරුන් ඉතා ඉක්මනින් නැවතත් ආණ්ඩුව හා එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 12 ජූනි 2019 19:22

    Latest News