විල්පත්තු කඳවුරක් ඉවත් කර නැහෑ: මාධ්‍ය වාර්තා අසත්‍ය

ජූනි 10, 2019

    විල්පත්තුවේ හමුදා කඳවුරක් ඉවත් කළ බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව, නාවික හමුදාව අවධාරණය කරයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා මේ බව පැවසීය. එහිදී අදහස් ප්‍රකාශ කළ මාධ්‍ය ප්‍රකාශකවරයා...


    “වියාඩුකුලම් ප්‍රදේශයේ තියෙන්නේ නාවික හමුදා කඳවුරක් නොවෙයි. නාවික හමුදාව විසින් සිදුකළ සුබසාධක ව්‍යාපෘතියකට භාවිතා කිරිමට තමයි අපි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙම ඉඩම් අක්කර 26 නාවික හමුදාවට ලබාගැනිමට කටයුතු කළේ. නාවික පුද්ගලයන් පිරිසක් අනුයුක්ත කොට අපි මේ ව්‍යාපෘතිය කරගෙන යාමේ දී සිතූ ප්‍රමාණයට සාර්ථකත්වයට ළඟාවීමට නොහැකි වූ නිසා අපි තීරණයක් ගනු ලැබුවා මෙම භූමි ප්‍ර දේශයෙන් අපේ ව්‍යාපෘතිය ඉවත් කරගෙන මේ නැවතත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට. එම පුවත පදනම් කරගෙන සමාජ මාධ්‍ය මේ ආකාරයෙන් සමාජය කැළඹෙන විධියට මේ පුවත් නිර්මාණය කරලා පළ කරනවා“ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු බණ්ඩාර මහතා පැවසීය.

    Last modified on සදුදා, 10 ජූනි 2019 20:35

    Latest News