වැල්ලවායේ කැලෑවකින් යුදහමුදා නිල ඇදුම් තොගයක්

ජූනි 10, 2019

    වැල්ලවාය, ආනපල්ලම තේක්ක කැලේ ප්‍රදේශයේ තිබී යුද හමුදා නිල ඇදුම් තොගයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    ගම්වාසීන් විසින් වැල්ලවාය පොලිසියට ලබා දුන් තොරතුරක් අනුව මෙම නිල ඇදුම් සොයාගෙන ඇති අතර එම නිල ඇදුම් අතර යුද හමුදා කම්බට් ඇදුම් තුනක්, නම්බර් සික්ස් ටෙලිකොට් ඇදුම් එකක්, නම්බර් සික්ස් රෙදි වලින් සැකසූ සායකට සමාන ඇදුම් එකක් සහ පූචස් එකක් තිබෙන බව පොලිසිය පවසයි.

    ප්‍රදේශයේ තරුණයෙක් අලි ගම්වැදීම පිලිබඳ සොයා බැලීම සදහා අලි ගමන් ගත් මාර්ගයේ ගමන් කරමින් සිටින අතර මෙම ඇදුම් දැක පසුව පොලිසියට සිදු කළ දැනුම් දීමකින් මේවා සොයාගෙන තිබේ.

    නිල ඇදුම් තොගය වැඩිදුර විමර්ශන සදහා වැල්ලවාය පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

    Screenshot 2019 06 10 12 29 44 1

    Screenshot 2019 06 10 12 29 13 1

    Screenshot 2019 06 10 12 29 22 1

    Screenshot 2019 06 10 12 29 31 1

    Last modified on සදුදා, 10 ජූනි 2019 14:23

    Latest News