පෑලියගොඩ විකල්ප මාර්ගය අද සිට විවෘතයි

නොවැ 12, 2018

    කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ හුවමාරුව සහ වාර්තමාන කැලණි පාලම අතර අලුතින් ඉදිකෙරුණු, විකල්ප මාර්ග ඔස්සේ අද සිට රථවාහන ධාවනය කළ හැකියි.

    කොළඹ - පුත්තලම මාර්ගයේ හා කොළඹ - නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුල්වීම තාවකාලිකව නතර කෙරේ. ඒ අනූව, අධිවේගී මාර්ගයේ කොළඹ සිට පැමිණෙන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් පුත්තලම මාර්ගයට හා නුවර මාර්ගයට පිවිසීම ද නතර කෙරෙනු ඇති.

    කෙසේ වෙතත් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට මෙන්ම කොළඹ - නුවර හා කොළඹ - පුත්තලම මාර්ගවල ගමන් ගන්නා වාහනවලට ද කිසිඳු අවහිරතාවක් සිදු නොවේ.

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 07:40

    Latest News