රටේ ස්ථාවරත්වය වෙනුවෙන් කරුණු 15ක යෝජනාවලියක් (වීඩියෝ)

ජූනි 05, 2019

    පසුගියදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්, විශේෂ සාකච්ජාවක් අස්ගිරි මහා විහාරයේ දී අද (05) පැවැත්විණ.

    මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ....

    “සිංහල මහජනතාවත්, දෙමළ මහජනතාවත්, මුස්ලිම් මහජනතාව සහ අනෙකුත් සියලුම ජනකොටසුත් එකම බැඳීමකින් යුක්තව මේ අවස්ථාවේදී කටයුතු කරමුයි කියන මේ තිරසාර පණිවුඩය තහවුරු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සමඟම විශේෂයෙන්ම අපේ වර්තමාන ආණ්ඩුව තුළ හිටපු ඒ අමාත්‍ය මණ්ඩලය, මුස්ලිම් අමාත්‍ය මණ්ඩලය ඉවත්වීම පිළිබඳව අපි කල්පනා කළා මෙය නොවිය යුතු දෙයක් වශයෙන්. ඒ නිසා ඒ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා තම තමන්ගේ වගකීම් බාරගන්න. පාලන ත්‍රන්ත්‍රයට පිවිශ්ඨ වන්න. ඒ වගේම යම්, යම් චෝදනා ඉදිරිපත් වෙලා තියෙන යම් ප්‍රභූවරයෙක්, අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, සිටිනවානම් ඒ අය ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වෙලා තමන්ගේ නිර්දේශීභාවය රජයට, පාලනයට, ආරක්‍ෂක අංශවලට ඒවා සඳහන් කරන්න කියන කාරණය කරුණාවෙන්, මෛත්‍රීයෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වුණා“ යැයි පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ පැවසීය.

    Last modified on බදාදා, 05 ජූනි 2019 22:06

    Latest News