තව්හිද් ජමාද් සංවිධානයට මුදල් දුන් ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ජූනි 02, 2019

    ජාතික තව්හිද් ජමාද් සංවිධානයට මුදල් ආධාර ලබාදුන් මොහොමඩ් සාහිප් නමැති සන්නිවේදන ඉංජිනේරුවරයෙකු දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

     මොහු පිළිබඳව ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (01) අත්අඩංගුවට ගත් අදාළ සැකකරු දෙහිවල කවුඩාන පාරේ පදිංචි වයස අවුරුදු 53 ක මොහොමඩ් සහීන් නසුර්දීන් ලෙස හඳුනාගෙන ඇති බවයි.

    Last modified on ඉරිදා, 02 ජූනි 2019 18:30

    Latest News