පොලිස්පතිගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්

මැයි 29, 2019

    අනිවාර්යය නිවාඩු යැවීමට ගෙන ඇති තීරණයෙන් මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයින්, වැඩ බලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. ජනාධිපති නියෝගයකට අනුව අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බව පූජිත් ජයසුන්දර මහතා කියා සිටි.

    එම තීරණය මුළුමනින්ම නීතියට පටහැණි බව පෙන්වා දෙන පූජිත් ජයසුන්දර මහතා ආයතන නීති සංග්‍රහය සහ පවත්නා නීතියට අනුව මෙලෙස තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි කියා සිටි.

    එබැවින් තමන් අනිවාර්යය නිවාඩු යැවීමේ තීරණය බල රහිත කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන් අනිවාර්යෙන් නිවාඩු යැවීමේ තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් ලෙස පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

     

    Last modified on බදාදා, 29 මැයි 2019 19:37

    Latest News