පුපුරන ද්‍රව්‍ය තහනම ඉවතට; බලපත්‍ර දිස්ත්‍රික් ලේකම්ගෙන්

මැයි 29, 2019

    රටේ පැවති ආරක්ෂක තත්වය අනුව ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත්හිටුවන ලද පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම් ජනාධිපතිගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර තිබේ.

    ව්‍යපෘති ක්‍රියාත්මක කරන රජයේ සහ පුද්ගලික ආයතනයන් වෙත පුපුරණ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත, CEFPA ආයතනය ( රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණිඅවි හා පතොරොම් මිළදී ගැනීමේ එකකය) වෙතින් මිළ දී ගැනීමට උපදෙස් නිකුත් කර ඇත.

    එලෙස ගල් වලවල් හා කැණිම් සිදුකරන කර්මාන්ත සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය අදාල දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍රලාභින් / අවශ්‍ය අවසරපත්‍රලාභීන් හට එම බලපත්‍ර/ අවසර පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර අදාල පුපුරණ ද්‍රව්‍ය මින් ඉදිරියට ලබා ගත හැකි බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහත සඳහන් ස්තානයන් වෙතින් ලබා ගත හැක.

    1, අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල

    2, රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණිඅවි හා පතොරොම් මිළදි ගැනීමේ ඒකකය (CEFAP)
    දුරකථන අංකය 0112958227

    3, ආරක්ෂක අමාත්‍යාශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශය-දුරකථන - 0112335798

     

     

     

     

     

    Latest News