තවුහිද් ජමාද් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ පස්දෙනා ජුලි 4 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරයට

මැයි 27, 2019

    හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ, තවුහිද් ජමාද් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ 5 දෙනා ජුලි 4 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා අද නියම කළේය.

    ඒ ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණය හමුමට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී. කැබිතිගොල්ලෑව, ඇල්ලෑව විදුහලේ, විදුහල්පතිවරයා සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ඇතුළු 5 දෙනෙකු මේ අතර වේ.

    මිනුවන්ගොඩ නගරයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මධුමාධව අරවින්ද මහතා ඇතුළු තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා පසුගියදා නියෝග කළේය. මදුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිස මිනුවන්ගොඩ ප්‍රදේශයට පැමිණි ජීප් රථය ද පොලිසියට බාරගෙන ගෙන තිබේ.

    බේරුවල පත්තිමරාජපුර හා මාලිගාහේන ප්‍ර දේශවල සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් සොයා ගැණින. පත්තිමරාජපුර ප්‍ර දේශයේ ආරක්‍ෂක කම්බි රැහැන් යොදා ආවරණය කර තිබූ භූමියක් ද ආරක්‍ෂක අංශවල පරීක්‍ෂාවට ලක්විය. සෝදිසියේ දී 10 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.

    මාධ්‍යයට අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා...

    “සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන්න කියලා ඉල්ලා සිටිනවා. එයට හේතුව වන්නේ ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදුවන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින සිද්ධීන් කිහිපයක්ම මේ වනවිට වාර්තා වෙලා තියෙනවා. ජාතීන් අතර අසමගිය, වෛරය, ඇති කිරිමේ අදහසින් එවැනි පැරණි සිද්ධීන් වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලාවෙත මුදාහරින සිද්ධීන් එබැවින්, සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව අවධානයකින් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා“ යැයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Latest News