අයි. එස් බෝට්ටුවක් ශ්‍රී ලංකාවෙන් පලායයි...ඉන්දීය ඔත්තු සේවා සෙවිල්ලෙන්

මැයි 26, 2019

    අයි.එස්. ත්‍රස්තවාදීන් රැගත් බෝට්ටුවක් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා පිටත්වීම හේතුවෙන් කේරල වෙරළාශ්‍රිතව ආරක්‍ෂාව තරකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අනාවරණය කර ගෙන ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන් කේරල ප්‍රාන්තය තුළ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මෙරටට පනවා තිබූ සංචාරක තහනම ලිහිල් කිරීමට චීනය පියවර ගෙන තිබේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අයි.එස්. ත්‍රස්තවාදීන් 15 දෙනෙකුගෙන් සමන්විත බෝට්ටුවක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඇති බවයි. අදාළ යාත්‍රාව ලක්‍ෂාද්වීප් දිවයින දක්වා ගමන් කරමින් ඇති බවටයි, ඉන්දීය ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත්තේ. මේ හේතුවෙන් කේරල ප්‍රාන්තයේ වෙරළාශ්‍රිතව දැඩි ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දීය ආරක්‍ෂක අංශය පියවර ගෙන තිබේ. වෙරළාශ්‍රිතව සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳව දැනුවත් භාවයෙන් පසුවන ලෙස ධීවර ප්‍රජාව සහ සෙසු පාර්ශ්වයන් දැනුවත් කිරීමට ද ආරක්‍ෂක අංශ පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    Tours px 900 26 05 19

    මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම චීනය ලිහිකර තිබේ. සංචාරය නොකරන ලෙසට නිකුත් කර තිබූ නිවේදනය මේ වනවිට සංචාරයේ දී සැලකිලිමත් වන ලෙස අවම කිරීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. මෙරට චීන තානාපති චෙන්ෂු ඈන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට කඩිනමින් ක්‍රියා කරන බව සහතික වී තිබේ. ඒ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු සංචාරක ක්‍ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සමඟ පැවති හමුවකදී

    Last modified on ඉරිදා, 26 මැයි 2019 16:34

    Latest News