තෙනුකගේ බලපෑමෙන් තිස්සගේ රැස්වීම නවතියි

මැයි 26, 2019

    මන්ත්‍රී තේනුක විදානගමගේ විරෝදයෙන් තිස්සකුට්ටි ආරච්චිගේ ජනහමු දෙකක් පොලිසිය මැදිහත්ව අවලංගු කෙරේ.

    ඌව පළාත් සභා මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතාගේ සංවිධානයෙන් මහියංගන නගරය ආසන්නයේ අද (26) උදැසන පැවත්වීමට තිබු කුඩා ජන හමුවකට පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා විරෝධතාව හේතුවෙන් අවලංගු කිරිමට පියවර ගෙන තිබේ. මෙම ජනහමුව පැවැත්විමෙන් ගැටුමක් ඇතිවීම වැලැක්වීමේ අරමුණින් එය නතර කළ බව මහියංගණය පොලිසිය පවසයි.

    ඒ අනුව තිස්ස කුට්ටිආරච්චි මහතා තිස්සපුර ගම්මානයේ සවස පැවැත්වීමට නියමිතව තිබූ දෙවන ජනහමුවද පොලිසිය විසින් අවලංගු කෙරිණ. මහියංගන ප්‍රාදේශිය සභාවට ස්වාධින අපේක්ෂයයෙකු වශයෙන් තරග වැදි අපේක්ෂකයෙකුගේ නිවසේ ජන හමුව සංවිධානය කර තිබු අතර එම ජනහමුව ආරම්භ කිරිමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා ගොස් නිවැසියන්ට විරෝධය පා තිබේ.

    එම නිවසට ගිය තෙනුක විදානගමගේ “ මම ඡන්ද කාලෙට, මැයි රැළිවලට බස් දාලා මුදල් වියදම් කරද්දී, ලකුණු දාගන්න පිට පළාත් වල සංවිධායක වරු එනවා මේක අස්සේ රිංගන්ඩ. මට කියන්නෙත් නැතුව මගේ ආසනයේ හොරෙන් රැස්වීම් තියන්න මම ඉඩදෙන්නේ නෑ “ යැයි බැන වැදී ඇත.

    ඒ වන විට තිස්ස කුට්ටි ආරච්චි මහතා ජන හමුව සංවිධානය කර තිබු ස්ථානට පැමිනෙමිත් සිට ඇති අතර උදාවීය හැකි තත්වය පාලනයට පොලිසිය මැදිහත්ව ක්‍රියාකර තිබේ. එ අනුව පොලිසිය විසින් තිස්ස කුට්ටි ආරච්චි මහතාට දුරකථනයෙන් කථාකර තත්වය පැහැදිලි කර සංවිධානය කර තිබු ජන හමු සදහා නොපැමිනෙන ලෙසත් ඒ වා අවලංගු කරන ලෙසත් දන්වා ඇත.

    Last modified on ඉරිදා, 26 මැයි 2019 15:28

    Latest News