මුදලට මනුෂ්‍ය ඝාතන සිදුකරන පාතාල 4ක් දැලේ

මැයි 26, 2019

    මුදලට මනුෂ්‍ය ඝාතන සිදුකරන පාතාල කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු පිළියන්දල පොලිසිය විසින් දම්පේ ප්‍රදේශයේ පරීක්‍ෂා කිරීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පිළියන්දල පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ දම්පේ ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ වාහනයක් පරීක්‍ෂා කර ඇත. එම පරීක්‍ෂාවේදී අත් බෝම්බයක්, කිනිසි 2ක්, ගිනි අවියක් සහ උණ්ඩ 12ක් සොයා ගැණින. ඒ අනුව වාහනයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනා අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

    මොවුන් මාතර, වැලිගම, කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, කුලියට මනුෂ්‍ය ඝාතන සිදුකරන්නන් බවත්, අනාවරණය වී ඇත. ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පාතාල කල්ලි නායක කුඩු අංජුගේ ගෝලයින් බවත්, පොලිසිය පවසයි. සැකකරුවන් අද කැස්බෑව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සති දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝගය ගෙන තිබේ.

    Latest News