මහජන පීඩාකාරී ප‍්‍රභූ ගමනට තිත...ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

මැයි 22, 2019

    ප‍්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

    ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    ප‍්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව ප‍්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප‍්‍රභූ රථ ධාවනය කිරීමට උපදෙස් නිකුත් කරන ලෙසත් අදාළ අංශ දැනුවත් කොට තිබේ.

    Last modified on බදාදා, 22 මැයි 2019 15:44

    Latest News