පාර්ලිමේන්තු හැන්සාඩ් නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කෙරේ (වීඩියෝ)

මැයි 20, 2019

    ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබී තිබේ.

    ජමාල්ඩීන් නව්ෂාඩ් නමැති සැකකරු මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි හෙළි වී තිබේ. 2006 වසරේ සිට ඔහු පාර්ලිමේන්තුවේ සේවය කර ඇති බව ද පැවසේ. දේශපාලන සබඳතාවකින් ඔහු එම පත්වීම ලබාගෙන ඇති බව ද පරීක්‍ෂණවලදී හෙළිවිය. සැකකරු මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අන්තවාදී දේශන පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

    ඒ පිළිබඳව අදහස් පළ කළ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා....

    “කුරුණෑගල පොලිස් වසමේ අලකොළදෙණිය ප්‍ර දේශයේ පොල් ඉඩමක යම් පිරිසක් පුහුණු කඳවුරක් පවත්වා ඇති බවටයි මේ තොරතුර මුලින්ම ලැබෙන්නේ. ඒ පිළිබඳව කුරුණෑගල පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කරනු ලබනවා. සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්වෙනවා. ඒ විමර්ශන අතරදී මේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙත් අත්අඩංගුවට පත්වෙනවා. එක් අයෙක් කුරුණෑගල රෝහලේ සේවකයෙක්. එම රෝහල් සේවකයාට අයත් බැංකු ගිණුමකට නොයෙකුත් පුද්ගලයින්ගෙන් වරින්-වර විශාල මුදලක් ලැබී ඇති බවත්, විමර්ශනයේ දී අනාවරණය වෙලා තියෙනවා. මැයි 18 දින තවත් සැකකරුවෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියා.

    අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 69ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේත්, තවත් සැකකරුවන් 20ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේත්, ඒ අනුව සමස්ත සැකකරුවන් 89ක් රඳවා තබාගෙන විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදුවන බව සඳහන් කළ යුතුයි“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    story px 900 20 05 19

    රත්නපුර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් රූපගත කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ඊයේ රාත්‍රී පොලිසියට බාර දී තිබේ. ඔවුන් සන්තකයේ තිබී රත්නපුර නගරයේ සිතියක් කිහිපයක්ද පොලිස් බාරයට ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

    Last modified on සදුදා, 20 මැයි 2019 21:49

    Latest News