යුද්ධ හමුදාවෙන් "තුරුලිය වෙනුවෙන් අපි" (වීඩියෝ)

මැයි 18, 2019

    විල්පත්තු රක්ෂිතයේ පැළ ලක්ෂයක් රෝපණය කිරීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) ආරම්භ විය.

    අදට යෙදී ඇති රණවිරු සැමරුම් 10 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව එය ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය "තුරුලිය වෙනුවෙන් අපි" තේමාවෙන් ක්‍රියාත්මක වන අතර මන්නාරම සිලාවතුර මරච්චිකඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරිණ. පළමු අදියර යටතේ පැළ අටදාහක් රෝපණය කරනු ලැබූ අතර ප්‍රදේශයේ ජනතාවට පැළ බෙදා දීම ද සිදු කෙරිණි. වන්නි ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව විය.

    army 01

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 23:38

    Latest News