විපතට පත් පවුල් සඳහා මනෝ සමාජීය හා ආධ්‍යාත්මික පෝෂණ වැඩසටහන්

මැයි 17, 2019

    කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ බොහෝ පිරිසක් පීඩාවට පත්වූහ.

    ඔවුන්ගේ සිත් සුවපත් කිරීම සඳහා පියතුමන් සහ කන්‍යා සොහොයුරියන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනු දැකගත හැකියි. පාස්කු ඉරිදා සිදුවීමත් සමඟ කටුවාපිටිය ප්‍රදේශයේ ජනතාව පසුවන්නේ, තැතිගැන්මකින්. එය දැඩි කම්පනයක් වුවත්, ඔවුන් අධිෂ්ඨානශිලිව, විශ්වාසයෙන් යුතුව ජිවිතයට මුහුණ දීමට උත්සහ දරමින් සිටී. විපතට පත් පවුල් සඳහා මනෝ සමාජීය හා ආධ්‍යාත්මික පෝෂණ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මකයි. ඊට අධ්‍යාත්මික ධර්ම දූත මෙහෙවර, මනෝ උපදේශන සේවාව, සමාජ සත්කාරය ඇතුළත්වේ.

    විපතට පත් පවුල්වල මනෝ සමාජීය හා ආධ්‍යාත්මික පෝෂණ වැඩසටහන සඳහා කන්‍යා සොහොයුරියන්, කටුවාපිටිය ප්‍රදේශයේ සෑම නිවසකටම පියමනිනවා. සෑම පවුලකම මවුවරුන් දිරිමත් කර පවුල් ආධ්‍යාත්මය නැවත ගොඩනැගීම, තුවාල ලැබූ පිරිස් ආධ්‍යාත්මිකව ගොඩනැංවීම ඇතුළු වැඩසටහන් රැසක් ඔවුන් ක්‍රියාත්මක කරනු ලබයි. කන්‍යා සොහොයුරියන් 80ක් පමණ ඊට එක්ව සිටී. දරුවන්ගේ සිත් සුවපත් කිරීමට ඔවුන් චිත්‍ර සංගීත ආදී වැඩසටහන්වලට යොමු කර ඇත.

    Latest News