රාජ්‍ය වෙසක් උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද

මැයි 17, 2019

    රාජ්‍ය වෙසක් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙයි.

    ඒ ගාල්ල, හික්කඩුව,තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේදී. රාජ්‍ය වෙසක් උත්සවය සංවිධාන කෙරෙන්නේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්. ඒ සඳහා විහාරස්ථානයේ පිළිසකර කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ආරක්ෂක හමුදාවන්හි දායකත්වයෙන් සිදු කරනු ලැබීය. රාජ්‍ය වෙසක් උත්සවය හා සමගාමීව එම ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙයි.

    දෙදිනක්පුරා පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සඳහා අවට ප්‍රදේශය විචිත්‍රවත් ලෙස සරසා තිබේ. ඒ හා සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 200ක ගොඩනැගිලි තැනීමේ ව්‍යාපෘතියක් රුපියල් මිලියන 17ක වියදමින් ක්‍රියාත්මක වෙයි. රත්පත් රාජමහා විහාරයේ සම විහාරාධිපති රූකඩහේනේ ඉන්ද්‍රසාර හිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, රාජ්‍ය උත්සවය හා සම්බන්ධවන ලෙසයි.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 09:02

    Latest News