රට තුළ අන්තවාදීන්ට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමෙන් වළකින්න;නන්ද හිමි (වීඩියෝ)

මැයි 14, 2019

    රට තුළ අන්තවාදීන්ට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමෙන් වැළකී සිටින්නැයි, බොදුබල සේනා සංවිධානය සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

    එහි ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් අද පැවති මාධ්‍ය හමුවේ ඒ පිලිබඳ අදහස් පළ කර සිටියහ.

    “මේක යම්කිසි කඩාකප්පල්කාරී පිරිසකගේ සැලසුම් සහගත වැඩපිළිවෙළක කොටසක් හැටියට අපි දකින්නේ. ජාතීන් අතර, අසමගිය ඇති කරලා, සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාවට හිරිහැර කරලා, වෙළෙඳ ව්‍යාපාරවලට ගල් ගහලා, පල්ලිවලට ගල් ගහලා හෝ මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් නැහැ. මේ රට තුළ ඉන්න සියලුම ජනතාවගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ අන්තවාදීන්ට අවශ්‍ය කරන පසුබිම හදන්න ඉඩ දෙන්න එපා. යැයි බොදුබල සේනා සංවිධානයේ සංවිධායක පුජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් පැවසීය.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 20:30

    Latest News